මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් සෝලි, රනිල් හමුවෙන්න හදිසියේම කොළඹ ඇවිත්.!

මාලදිවයිනේ හිටපු ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡාවක් සඳහා පැමිණ තිබේ.

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා අතර හමුව ඊයේ කොළඹදී සිදුවී ඇත.

මාලදිවයිනේ හිටපු ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි පසුගිය මැතිවරණයේදී උග්‍ර චීන හිතවාදී මොහොමඩ් මුයිසු විසින් පරාජය කරනු ලැබූ අතර, මොහොමඩ් සෝලි වඩා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ අන්තර්ජාතික පාර්ශවවල පණිවිඩ එහා මෙහා ගෙනයන නියෝජිතයකු ලෙසය.

මෙවර ඔහු රනිල් වික්‍රමසිංහ වෙත ගෙන ආ පණිවුඩය කුමක්ද යන්න විවිධ පාර්ශ්ව මේ වන විට අවධානයෙන් පසුවන අතර, අන්තර්ජාතික වශයෙන් සිදුකරනු ලබන ක්‍රමන්ත්‍රණකාරී වැඩපිළිවෙල සියල්ල පරාජයට පත්වී ඇති පසුබිමක රනිල් වික්‍රමසිංහගේ මීළඟ කුරුමානම දෙස බොහෝ පාර්ශ්ව අවධානයෙන් බලා සිටින බවද නොරහසකි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *