චීන ජනපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙවැනි දිනය ආරම්භ කරමින් අද (16) පෙරවරුවේ පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ආයෝජන සැසියකට සහභාගිවීමට නියමිතය.
රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කරන මෙම “ආයෝජන සැසිය“ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම විශේෂත්වයකි.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා චීන ජනතාවගේ වීරයන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද නියමිත බව වාර්තා වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං හා ජාතික කොංග්‍රසයේ සභාපති චාඕ ලජී යන මහත්වරු හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන් ද මෙම අවස්ථාව සඳහා සහභාගිවීමට නියමිතය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න