රිවිර ආරම්භක කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ ෆොන්සේකා බව මහින්ද කියලා.. ෆොන්සේකාගේ පරණ කෙළියක් එළියට.!

රිවිර පුවත් පතේ ආරම්භක කර්තෘ උපාලි තෙන්නකෝන් මහතා පවසන්නේ තමන්ට එල්ල කරන ලද ප්‍රහාරය එවක හමුදාපති සරත් ෆොන්සේකා මහතා මැදිහත්ව සිදුකරන ලද්දක් බව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුරකතනයෙන් තමන් අමතා 2010 වසරේදී සඳහන් කළ බවයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන්ට එල්ල වූ මැර ප්‍රහාරයෙන් පසු 2016 වසරේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකදී තමන්ට පහරදුන් පුද්ගලයෙකු හදුනාගැනීමට පවා තමන්ට හැකි වූ බවයි.

නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් අදාළ පර්යේෂණ වලට බාධා ඇති කළ බවත් හෙතෙම චෝදනා කරයි.

එක් අවස්ථාවක දී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පැයක කාලයක් මුළුල්ලේ තමන් අමතා බැන වැදීමේ සිදුවීමක් පිළිබඳ ද තෙන්නකෝන් මහතා සිහිපත් කරයි.

අදාළ වීඩියෝව පහළින්…

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *