පසුගිය කාලය පුරා ඇතැම් ඖෂධ සමාගම් පවත්වාගෙන ගිය ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් ඖෂධ මිල 200 ගුණයකින් පමණ අඩු කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.
එම හේතුවෙන් රුපියල් 7000 ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිලදී ගත් ඖෂධයක මිල රුපියල් 370 ක් දක්වා පහත වැටී ඇති බව මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ නිරීක්ෂණයකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
සමාගම් කීපයකට ඖෂධ ආනයන අවස්ථාව ලබාදීම හරහා ඖෂධ ඒකාධිකාරිය තවදුරටත් බිඳ දමා ඉදිරියේදී සැලකිය යුතු ලෙස ඖෂධ ගණනාවක මිල අඩුකිරීම රජයේ අපේක්ෂාව බවද එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න