ජනාධිපති අනුර දිසානායක මහතා අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා හමුවිය.
චීන මහජන ශාලාව වෙත පැමිණි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ජනාධිපති අනුර දිසානායක මහතා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ආචාර වෙඩිමුර සහිතව ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබිණි.
අනතුරුව ජනාධිපති ෂී ජින් පිං මහතා සමඟ සුහද කථා බහකින් පසු දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.
සංවර්ධනයේ නවයුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
එසේම සමීප මිත්‍ර රාජ්‍යයන් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව ද සිහිපත් කළ ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරියටද ශ්‍රී ලංකාව සමග නිරන්තර සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව පැවසීය.
මෙහිදී අදහස් දැක් වූ චීන ජනපතිවරයා,
“සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට අප සූදානම්. එසේම සමීප මිත්‍ර රාජ්‍යයන් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව ද සිහිපත් කරනවා.
එලෙසම ඉදිරියටද ශ්‍රී ලංකාව සමග නිරන්තරයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට අප සූදානම්”.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
“චීනයේ ආර්ථික, කාර්මික සහ තාක්ෂණ සහ යටිතල පහසුකම් සංවර්ධන මෙන්ම මානව සංවර්ධනය අතින් අත් කරගෙන ඇති දැවැන්ත ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකාව බෙහෙවින්ම සතුටට පත්වෙනවා.”
“ද්විපාර්ශ්වීය සහ බහු පාර්ශ්වීය ඇතුළු සියලු ක්ෂේත්‍රවල එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් අපේ රජය පෙනී සිටිනවා.”
“චීනය දශක කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇති අතර මෙම සංචාරය අපගේ රටවල් සහ ජනතාවගේ අන්‍යොන්‍ය අභිවෘද්ධිය වෙනුවෙන් ශක්තිමත් වෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”











ප්‍රතිචාරයක් ලබාදෙන්න