ඊශ්‍රායලයෙන් සිරියාවේ වරායන්ට දැඩි ප්‍රහාරයක්… යාත්‍රා 15ක් විනාශයි

ඊශ්‍රායලය විසින් සිරියාවේ අල්-බයිඩා සහ ලටාකියා හි වරායන්ට ගුවන් ප්‍රහාර එල්ල කළ බව තහවුරු කර තිබේ.

ප්‍රහාරවලින් නාවික යාත්‍රා 15ක් සම්පූරණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරන අතර, ප්‍රහාරවලින් වරායටද විශාල හානියක් සිදුව ඇති අතර සිරියාව වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර 350කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බව ද සඳහන්ය.

ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසුවේ සිය රාජ්‍යයට තර්ජනයක් වන උපායමාර්ගික හැකියාවන් විනාශ කිරීම තම ඉලක්ක කරන බවයි.

සිරියානු බලඇණිය විනාශ කිරීමේ මෙහෙයුම ඉතා සාර්ථක බව ද ඔහු පවසා තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *