හොර අධි නීතිඥයෝ පාර්ලිමේන්තුවේ… වැඩිම පිරිස සජිත් ළඟ…

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇතැම් නම් ඉදිරියෙන් වරදි අධ්‍යාපන සුදුසුකම් දක්වා ඇති බව හා එය මේ වන විට දැවෙන ප්‍රශ්නයක් වී ඇති පසුබිමක ඇතැම් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වසර ගණනාවක සිට තම නීතිඥ පට්ටම ඉදිරියෙන් අධි නීතිඥ ලෙස යොදා ගැනීම පිළිබඳව ද ගැටළුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

1970න් පසු අධි නීතිඥයන් ලෙස පට්ටමක් නොමැති බවත්, සිටින්නේ ජනාධිපති නීතිඥයන් පමණක් බවත් නීති ක්ෂේත්‍රය තුළ සිටින පිරිස් විසින් පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා අපේක්ෂකයන් ලෙස දේශපාලන ප්‍රචාරයන් දියත් කරද්දී සහ පාර්ලිමේන්තුවට පිවිසි පසුව නමට පෙර අධි නීතිඥ පට්ටම් යොදාගත් වැඩි පිරිසක් අද සිටින්නේ විපක්ෂ නියක සජිත් ප්‍රේමදාසගේ පාර්ශ්වයේ බවත් අනාවරණය වේ.

අජිත් පී. පෙරේරා සහ අධි නීතිඥවරියක ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ චමින්ද්‍රානි කිරිඇල්ල මෙලෙස තම නමට ඉදිරියෙන් අධි නීතිඥ ලෙස යොදන බවත් විශ්වාසනීය ආරංචි මාර්ග අනාවරණය කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *