රෝහිතගේ සිලින්ඩර් දීගය අවසන්.. තවත් දීගෙකට සෙට් වෙයි.!

පළාත් පාලන මැතිවරණයට සිලින්ඩර් ලකුණෙන් තරග නොකර වෙනත් දේශපාලන ධාරාවක් සමග එක්ව කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සදහන් කර ඇත.

වෙනත් දේශපාලන ප්‍රවාහයක් සමග ඉදිරියේදී කටයුතු කිරීමට අදාළව සාකච්ඡා කිරීමට දින නියම කරගෙන සිටින බවත්, ලබන සිංහල අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය පියවර ගනු ඇති බව හා ප්‍රබල විපක්ෂයක් ගොඩනගා ජනතා අභිලාශ දිනවිය යුතු බවත් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සදහන් කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේගේ නිවසේ පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව සදහන් කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *