ගල් ඔය ගඟේ බැම්ම කැඩී යාමේ අවදානමක් මතුව ඇති අතර, මේ හේතුවෙන් අම්පාර, සේනානායකපුර සහ සාමපුර ප්‍රදේශවල පවුල් 40ක පුද්ගලයින් 100කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇතැයි අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
මේ සම්බන්ධව අදහස් දැක්වූ අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා,
“සේනානායකපුර ප්‍රදේශයෙන් ගල්ඔය ගඟේ ඉවුරු ඛාදනයවීමක් සිදුවෙලා තියෙනවා. එතන තාවකාලිකව වැලි කොට්ට ගහලා පිළිසකර කිරීමේ හැකියාවක් නැහැ. දැනට කැඩී යෑමේ අවදානම් තත්ත්වයක් පමණයි තියෙන්නේ. කැඩිලා නැහැ. නමුත් ඒක කැඩුනොත්…අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේනානායකපුර, සාමපුර කියන ග්‍රාම නිලධාරි වසම්වල සුදුවැල්ල ප්‍රදේශයේ ජීවත්වන පවුල් ගණනාවකට ගංවතුර තත්ත්වයේ බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි අද සවස මේ ප්‍රදේශයේ පවුල් 40ක් පමණ කඳවුරක් ඇති කරලා එහි රඳවන්න කටයුතු කළා. එතන පුද්ගලයන් 110ක් විතර ඉන්නවා.”
මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් මේ වනවිට සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
සේනානායක සමුද්‍රයේ ජලය වාන් විවෘත කරමින් ගල්ඔය ගඟට මුදා හැරෙන අතර එම තත්ත්වය තුළ මෙම අවදානම මතුවී තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න