හාල් හිඟය ලබන සතියේ අවසන්

ලබන සතියේ අග වන විට වෙළඳපොළේ පවතින සහල් හිඟය අවසන් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසීය.

මේ වනවිට දිවයිනේ ප්‍රධාන වී මෝල් වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේයේ නිලධාරීන් යොමු කිරීමට කටයුතු කර ඇති බවත් පැවසීය.

ඊයේ (08) දිනයේ පොලොන්නරුව සහ හම්බන්තොට වී මෝල් පරීක්ෂා කිරීම සහ සහල් තොග නිකුත් කිරීම සොයා බැලීම සිදුවිය.

ඒ අනුව ඊයේ සිට එම නිලධාරීන් දිනපතා වී මෝල් හිමියන්ගෙ සහල් සහ වී තොග සම්බන්ධ වාර්තා ලබා ගන්නා බව පැවසීය.

එම වාර්තා වෙළද අමාත්‍යාංශ වෙත භාරදීමට කටයුතු කරන බව එහිදී පැවසීය.

මේ අතර ඊයේ (07) දිනයේ ගත් තීරණයට අනුව සහල් පාලන නව මිල සම්බන්ධ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යක්ෂවරයා පැවසීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *