බාර් ලිස්ට් එකේ මාලිමාවේ චතුරංගත්… මිනිස්සු පන්නලත් මුංට ලැජ්ජා නෑ…

තමන්ට මත්පැන් අලෙවිසැල් බලපත්‍රයක් ලබාදුන්නා යැයි සමාජ මාධ්‍ය හරහා පැතිරණ යන පුවත අසත්‍ය පුවතක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තමන්ගේ නමට සමාන නමකින් යුත් රත්නපුර ප්‍රදේශයේ පදිංචි වෙනත් පුද්ගලයෙකුට එම මත්පැන් අලෙවිසැල් බලපත්‍රය ලබාදී ඇති බවයි.

අදාල පුද්ගලයාගේ නමෙහි කොටසක් භාවිතා කරමින් තමන්ට එරහිව මෙවැනි අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරි සතිය තුළදී මත්පැන් අලෙවිසැල් බලපත්‍ර ලබාදීමට කටයුතු කළ ප්‍රධාන පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව ද හෙළි කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *