කොත්මලේ මාර්ග කිහිපයක් යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කෙරේ.

දිට්වා සුලි කුණාටුවෙන් වැඩිම හානියක් සිදු වූ කොත්මලේ පනන්ගම්මන ප්‍රදේශයේ සහ කොත්මලේ මහ පීල්ල ඇළ ශ්‍රම මෙහෙයුමකින් යළි යථා තත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

ඊයේ (17) දින ආරම්භ කළ එම කටයුතු හෙට (19) දින දක්වා සිදු කරනු ඇත.

කොත්මලේ පනන්ගම්මන ප්‍රදේශයේ ගම්මාන 20කට පමණ පිවිසෙන මාර්ගය සම්පූරුණයෙන්ම නැයයෑම හේතුවෙන් මාස 2කට ආසන්න කාලයක් එම ගම්මානවල පදිංචිකරුවන් දැඩි දුෂ්කරතාවයකට පත්විය.

මේ හේතුවෙන් අනුරාධපුරයෙන් පැමිණි පිරිසක් ශ්‍රම දායකත්වයෙන් එම මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ යථා තත්වයට පත් කිරිමේ කටයුතු සිදු කරනු ඇත.

මෙම ශ්‍රම දායකත්වය සඳහා අනුරාධපුර සහ ගිනිගත්හේන ප්‍රදේශයේ 2000කට ආසන්න පිරිසක් පැමිණ තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *