රවි – රනිල්ට නැතිවෙන්නම දුන්නේ මෙහෙමයි…(වීඩියෝ)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ බව කියන නිතීඥ ෆයිසර් මුස්තාපා මහතාගේ නම සම්බන්ධයෙන් එම පක්ෂය තුළ දැඩි අර්බුකාරී වාතාවරණයක් හටගෙන තිබේ.

එහි හවුල්කාර පක්ෂ පවසන්නේ ඒ සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කර නොමැති බවය.

පසුගිය දා අවසන් වු මහ මැතිවරණ ප්‍රතිඵලයට අනුව ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිකර ගත්තේය.

මින් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක පත් කිරීමට පක්ෂ ලේකම්වරිය පියවර ගත් අතර අනෙක් මන්ත්‍රී ධුරය සඳහා අයෙකු පත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත ගැටුම් නිර්මාණය වී තිබූ අතර ෆයිසර් මුස්තාපාගේ නම මැතිවරණ කොමිසමට ඉදිරිපත් කිරීමත් සමග අර්බුදය තවත් දරුණුවී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ඇතුළත් සවිස්තරාත්මක වීඩියෝව පහළින්…

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *