රනිල් රටින් පිටවෙයි.!

හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විදෙස් මාධ්‍ය හමුවක් සදහා ඊයේ (03) දින ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ජාත්‍යන්තර මට්ටමේ මාධ්‍ය හමුවකට සහභාගී වීමට නියමිත අතර අල් ජසීරා මාධ්‍ය ජාලය විසින් එය මෙහෙයවනු ලබයි.

ශ්‍රී ලංකාව දූෂණය සහ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය, පාස්කු ප්‍රහාර සමයේ අග්‍රාමාත්‍ය ලෙස අත්දැකීම් ආදී කරුණු පිළිබඳව මෙම ජාත්‍යන්තර මාධ්‍ය හමුවේදී රනිල් වික්‍රමසිංහ අදහස් පළ කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයා දින දහයකට ආසන්න කාලයක් ලන්ඩන් නුවර රැඳී සිටින බව වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *