වත්මන් ව්‍යවස්ථාව වහාම අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙනආ යුතුයි – කාදිනල් හිමියෝ පවසති.!

යුද්ධයේ මුවාවෙන් රට තුළ බිහි වූ ඒකාධිපති වියරුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

එනිසා පවතින දූෂිත ක්‍රමවේදය වෙනස් කර රටට සැබෑ නිදහස උදාකර දීම වෙනුවෙන් වහාම වත්මන් ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස ජනපති ඇතුළු වත්මන් රජයෙන් ඉල්ලා සිටින බව කාදිනල් හිමියෝ සඳහන් කළහ.

77 වන නිදහස් දිනය නිමිත්තෙන් අද (04) උදෑසන බොරැල්ලේ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ දී පැවති දිව්‍ය පුජාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

ජනාධිපති ව්‍යවස්ථාව නැමති ඒකාධිපති ක්‍රමයට පාර කපා දුන් නීති රාමුව තුළ නායකයින් තමන්ට ලැබුණු අසීමිත බලය අවභාවිත කළ බව ද කියා සිටි කාදිනල් හිමි, මෙහි ප්‍රතිඵලයක් ලෙස ජාතීන් අතර පහසුවෙන් විසඳා ගැනීමට තිබූ විරසකයක් යුද්ධයකට හරවා රට තුළ භීෂණකාරී තත්ත්වයක් උදාකරලීම බව ද කියා සිටියහ.

ඉන් අනතුරුව පත්වූ පාලකයින් විසින් මාධ්‍ය මර්දනය, මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම්, සුදුවෑන් සංස්කෘතිය හා විරුද්ධවාදීන් සිරගත කිරීම ආදි භීෂණ ක්‍රියා ද 90 දශකයේ සිට නිර්මාණ කළ බව ද කාදිනල් හිමි පැවසුහ.

විනාශකාරී යුද්ධය නිසාවෙන් මව්බිම ගැඹුරු ආර්ථික පරිහානියකට ගොඳුරු වූ බවත් පැවසු උන්වහන්සේ, මෙම ගමන්මඟ පසුගිය දශක දෙක තුළ වඩාත් උත්සන්න වූ බව ද කියා සිටියහ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *