ශ්‍රී ලංකාවේ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක්.!

ශ්‍රී ලංකාව තුළ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.

රට පුරා ප්‍රදේශ රැසකින් මේ වනවිට එම රෝගීන් වාර්තා වන බව ද සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, ආසාදිත ඊඩිස් ප්‍රභේදයේ මදුරුවන් දෂ්ට කිරීම හරහා චිකුන්ගුන්යා රෝගය මිනිසුන්ට සම්ප්‍රේෂණය වන බවයි.

රෝගය වැළඳී දින දෙක තුනකට පසුව අධික උණ, තද හන්දිපත් වේදනාව, සමේ කැක්කුම, මාංශපේශී වේදනාව ඇතුළු රෝග ලක්‍ෂණ මතුවන බව ද වෛද්‍යවරයා පවසයි.

එමෙන්ම උණ සමග හටගන්නා හන්දිපත් වේදනාව දිගුකල් පවතිනු ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.

වැසි සමයේදී මදුරු ගහණය ඉහළ යන අතර, මදුරුවන් බෝවීම අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *