අමාත්‍යවරුන්ගේ බංගලා සම්බන්ධයෙන් ලබාගත් තක්සේරු වාර්තා එළඹෙන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා සදහන් කරයි.
එම බංගලා සම්බන්ධයෙන් තක්සේරු කිරීම අවසන් අදියරට පැමිණ ඇති බවත් එම බංගලා සම්බන්ධයෙන් යෝජනා රැසක් දැනටමත් ඉදිරිපත්ව ඇති බවත් එම යෝජනා අතරින් වඩාත්ම හොඳ යෝජනාවට ප්‍රමුඛත්වය ලබාදීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සදහන් කරයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න