ගංගානි යයි.. මුද්‍රණාලයාධිපති තනතුර පුෂ්පකුමාරට..

රජයේ මුද්‍රණාලයාධිපති තනතුරට නව නිලධාරියකු පත්කිරීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව, හිටපු මුද්‍රණාලයාධිපති ජී.කේ.ඩී.ලියනගේ ගේ සේවා කාලය අවසන් වී ඇති අතර, නව මුද්‍රණාලයාධිපතිවරයා ලෙස ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි කේ.ජී.පී. පුෂ්පකුමාර පත්කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

ඊට අදාළ කැබිනට් තීරණය පහතින් දැක්වේ.

‘රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ රජයේ මුද්‍රණාලයාධිපති වශයෙන් සේවය කරනු ලැබූ ජී.කේ.ඩී.ලියනගේ මහත්මියගේ සේවා කාලය 2024‑12‑24 දින අවසන් වීම මත පුරප්පාඩුව පවතින එකී තනතුරට සුදුසු නිලධාරියෙකු පත් කළ යුතුව ඇත. දැනට ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි කේ.ජී.පී. පුෂ්ප කුමාර මහතා එම තනතුරට පත් කිරීම සඳහා සුදුසු බවට හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ඒ මහතා රජයේ මුද්‍රණාලයාධිපති තනතුරට පත් කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *