ප්‍රසන්න රණවීර පසුපස CIDය පන්නයි.!

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු, ව්‍යාපාරිකයකු සහ නීතිඥවරයකු අත්අඩංගුවට ගැනීමට විමර්ශනය කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ 2010 වසරේදී රජයට අයත් කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩමකට හොර ඔප්පු සකස් කර විකුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාලවයි.

මෙම පරීක්‍ෂණවලට අදාලව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු ඇතුළු තිදෙනෙකු ලබන 17 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *