ළමුන් බසයෙන් බැස්සූ ලංගම කොන්දොස්තරගේ වැඩ තහනම් කෙරේ.!

වාර ප්‍රවේශ පත්‍ර සහිත පාසල් සිසුන් ලංගම බසයට නංවා ගැනීම ප්‍රතික්ෂේප කළ නුවරඑළිය ප්‍රදේශයේ කොන්දොස්තරවරයාගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අදාළ කොන්දොස්තරවරයා සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එම පරීක්ෂණ අවසන් වන තෙක් ඔහුගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලංගම වාර ප්‍රවේශපත්‍ර ඇති පාසල් සිසුන් දිගු කලක සිට බස් රථවලට නංවා නොගන්නා බවට වාර්තා වී ඇති බැවින් ලංගම ප්‍රවේශපත්‍ර ඇති ජනතාව මගහැර යන ලංගම රියදුරන් සම්බන්ධ තොරතුරු 1958 දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස ප්‍රවාහන අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *