වන්දි ගත් මැති අමැතිලාට ඇදුනු තවත් ලොතරැයියක තොරතුරු එළියට.!

අද (07) නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණයක් කරමින් කියා සිටියේ අරගල සමයේ නිවාස ගිනිගත් මන්ත්‍රීන් සඳහා රජයෙන් ලබාගත් වන්දි මුදල්වලට අමතරව රජයේ වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාසද ලබාගෙන ඇති බවයි.

පන්නිපිටිය වීර මාවතේ පිහිටි වියත්පුර නිවාස සංකීර්ණයේ Block 05 හි නිවාස ලබාදෙන ලෙස කථානායක වෙත සිදුකළ ඉල්ලීමකට අනුව මන්ත්‍රීන් 26 දෙනෙක් සඳහා වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදී ඇත.

වාර්තාවලට අනුව, මෙම මන්ත්‍රීවරුන් එවකට පාර්ලිමේන්තුවේ කථානායකවරයාගෙන් සංකීර්ණයේ නිවාස ඉල්ලා තිබේ.

පසුව, ඔවුන් සඳහා විශේෂ ගෙවීම් ක්‍රමයක් සකස් කර ඇති අතර, එය සාමාන්‍ය ජනතාව සඳහා අනුගමනය කරන සම්මත ක්‍රියාපටිපාටියට වඩා වෙනස්ව ක්‍රියාත්මක කර ඇත.

සාමාන්‍යයෙන්, වියත්පුර නිවාසවල අනාගත ගැනුම්කරුවන් නිවාස වටිනාකමෙන් 50% ක මූලික ගෙවීමක් කළ යුතු අතර, වසරක් ඇතුළත සම්පූර්ණ ගෙවීම සම්පූර්ණ කළ යුතුය.

කෙසේවෙතත්, මන්ත්‍රීවරුන් සඳහා, මූලික ගෙවීම 25% දක්වා අඩුකර ඇති අතර, ඉතිරි මුදල වසර 15 ක් තුළ ගෙවීමට අවසර ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා,

“වියන්පුර මාවන නිවාස සංකීර්ණයේ මන්ත්‍රීන් සඳහා නිවාස ලබා දුන්නා. මේ අරගලය කාලයේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තිබ්බට පස්සේ මන්ත්‍රීවරුන් 76 දෙනෙකුට කථානායකවරයා අත්සන් කරලා නිවාස ලබා දෙන්න කියලා නියෙනවා. එනකොට ඒ නිවාස ලබා දෙද්දී නිවාස වල මුළු වටිනාකම ගෙවන්න බෑ කියලා නියෙනවා ඒ මන්ත්‍රීවරු ඒ නිසා ඒ සඳහා මේ නිවාස සංකීර්ණයේ D බ්ලොක් එකෙන් නිවාස 101 ක් නියෙනවා ඒකෙන් 76ක් වෙන් කරලා නියෙනවා.

නිවාස හදන වෙලාවෙ තිබ්බ වටිනාකම නිවාස හැදුවට පස්සේ තියෙන වටිනාකම මේ දෙක එකට එකතු කරලා ඒක දෙකෙන් බෙදලා ඒ එන උත්තරය සියයට 25 ක කොටසක් අවුරුද්දක් ඇතුළත ගෙවන්නන් ඉතුරු ටික අවුරුදු 15කින් ගෙවන්නන් කියලා සාමාන්‍ය අයට වසරකින් මුළු ගාන ගෙවන්න ඕන.

ඒ අනුව ප්‍රසන්න රණතුංග වෙන් කරපු ගෙට මිලියන 9.9ක් ගෙවලා නියෙනවා, ආණ්ඩුවට පාඩුයි මිලියන 11ක්. මුසම්මිල් මන්ත්‍රීතුමා මිලියන 3.3 ගෙට ගෙවලා, ආණ්ඩුවට මිලියන 10 ක් පාඩුයි. නිමල් පියතිස්ස මිලියන 3.3ක් ගෙවලා, මිලියන 9.9 ක් පාඩුයි. ගාමිණී වලේ බොඩ මිලියන 3.3ක් ගෙවලා, ආණ්ඩුවට මිලියන 09 ක් පාඩුයි.

මහින්ද යාපා අබේවර්ධන මිලියන 5.3 ක් ගෙවලා, මිලියන 16 ක් පාඩුයි. ගාමිණී ලොකුගේ මිලියන 04ක් ගෙවලා, මිලියන 12 ක් පාඩුයි. කුමාරසිරි රත්නායක මිලියන 3.3ක් ගෙවලා, මිලියන 9.9 ක් පාඩුයි. අජිත් රාජපක්ෂ මිලියන 4.2 ක් ගෙවලා, මිලියන 12.6 ක් පාඩුයි. චින්නක අමල් මායා දුන්නේ මිලියන 4.2 ක් ගෙවලා, මිලියන 12ක් පාඩුයි. මිලාන් සජින් ජයතිලක මිලියන 4.6 ක් ගෙවලා, මිලියන 13 ක් පාඩුයි.

තිස්ස කුට්ටි ආරච්චි මිලියන 4.1 ක් ගෙවලා, මිලියන 12ක් පාඩුයි. වීරසිංහ දේවගේ වීරසිංහ මිලියන 4.2 ක් ගෙවලා, මිලියන 12 ක් පාඩුයි. අසංක නවරත්න මිලියන 3.3ක් ගෙවලා, මිලියන 9.9 ක් පාඩුයි. බණ්ඩාර හේරන් මිලියන 4.2ක් ගෙවලා, මිලියන 12 ක් පාඩුයි. එස්. එම්. චන්ද්‍රසේන මිලියන 4.6ක් ගෙවලා, මිලියන 13 ක් පාඩුයි. දේවගේ ප්‍රියන්න අශෝක මිලියන 4.1 ක් ගෙවලා, මිලියන 12ක් පාඩුයි. නීතිඥ ප්‍රේමනාත් සී. දොලවන්න මිලියන 4.1 ක් ගෙවලා, මිලියන 12 ක් පාඩුයි. එස්. ඒ. සේමසිංහ මිලියන 4.6ක් ගෙවලා, මිලියන 13.8ක් පාඩුයි. ශාන්න බණ්ඩාර මිලියන 4.1 ක් ගෙවලා, මිලියන 12.5 ක් පාඩුයි.”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *