සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන ‘පොට්ට අමිල’ සහ ඔහුගේ සමීපතමයන් තිදෙනෙකු මොරගහහේන පොලීසිය විසින් අද (21) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් සතුව තිබූ මත්පෙති 5,300ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 15,000ක් ද පොලීසිය යොයාගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට ආසන්නය.එමෙන්ම මෙම ජාවාරමට යොදාගත් ජංගම දුරකථන 3ක්ද පොලීසිය සිය භාරයටට ගෙන ඇත.සැකකරුගේ සමීපතමයෙකු ගෝනපොල කුඹුකවත්ත ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා පැමිණෙමින් සිටිනබවට මොරගහහේන පොලීසියට අනුයුක්ත කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට සහ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රවය මිලිග්‍රෑම් 2,200 ක් සොයාගෙන.සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසා ඇත්තේ එම මත්ද්‍රවය ‘පොට්ට අමිල’ විසින් තවත් පුද්ගලයෙකුට ලබාදීම සඳහා තමන් වෙත ලබාදුන් බවය.පසුව ‘පොට්ට අමිල’ නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවස සොයා යාමේදී ඔහු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රවය මිලිග්‍රෑම් 10,100 ක් සහ මත්පෙති 5,000 ක් පොලිස් භාරයට ගෙන ඇත.එමෙන්ම අනෙක් සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රවය මිලිග්‍රෑම් 2,100 ක් සහ මත්පෙති 300 ක් සොයාගෙන ඇත.අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ‘පොට්ට අමිල’ නැමැත්තා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ‘මෝල් කසුන්’ සහ ‘මන්නා රමේශ්’ නැමැත්තන්ගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයකු බවත් මීට වසර කිහිපයකට ඉහතදී වෙනත් පාර්ශවයක් සමග ඇතිවූ ආරවුලකදී ඇසිඩ් ප්‍රහාරයකට ලක් වීමෙන් අනතුරුව ඔහුගේ දෑස් අන්ධ භාවයට ලක්ව ඇති බවත් පොලීසිය පවසයි.සැකකරුවන් සිව්දෙනා හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මොරගහහේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට



ප්‍රතිචාරයක් ලබාදෙන්න