හිටපු ඇමැතිලා 5කට කෙඳිරි ගෑවෙයි.. විමර්ශන කඩිනමින්.!

හිටපු අමාත්‍යවරුන් පස්දෙනෙක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඔවුන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි හා තොරතුරු පදනම් කරගෙන මෙම විමර්ශන ඇරඹෙනු ඇති බවත් වාර්තා වේ.

මොවුන් බරපතළ මුල්‍ය වංචා, මිනීමැරුම් ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් බවත් සඳහන්ය.

පසුගිය කාලයේදී අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනුණු සහ අධිකරණයේදී ප්‍රතික්ෂේප වුණු නඩු කිහිපයක්ද යළි පැවරීමටද නීති අංශ කටයුතු සූදානම් කරමින් සිටී.

මුල්‍ය වංචා චෝදනා එල්ල වී තිබූ හිටපු අමාත්‍යවරුන් පිරිසක් සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් ඔස්සේ තොරතුරු සොයා බලමින් සිටින බවත්, ගත වූ කාලය තුළ සිදුව ඇති මිනී මැරුම් සම්බන්ධයෙන්ද යළි විමර්ශනය කිරීමටත් රජයේ අවධානය යොමුව ඇති බවත් වාර්තා වේ.

මේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝව පහළින්…

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *