මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා වත්මන් ආණ්ඩුව විසින් පොලීසියට පූර්ණ නිදහස ලබාදී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඊයේ (23) කොළඹ වේල්ලවීදිය ප්‍රාදේශීල ලේඛම් කාර්‍යාලයේ පැවති කමිටු රැස්වීමකදී කියා සිටියේය.
කොළඹ පාවෙන වෙළඳසැල් සංකීර්ණය තුල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
“පොලීසිය හගන ඉන්න මේක, මම වගකීමෙන් කියනවා පාවෙන වෙළඳසැලේ ස්ථාන කීපයක මේ වෙනකොට මත්ද්‍රව්‍ය භාවිතාකරන ස්ථාන බවට පත්වෙලා, වහාම ක්‍රියාත්මක වෙන්න, මීට කලින් පැවතිච්ච ආණ්ඩුවලින් අපි දන්නවා තමුන්නාන්සෙලාට බාධා කළා, රටේ මහ පුටුවලින්ම තමුන්නාන්සෙලාව බ්ලොක් කළා, නමුත් අපි වගකීමෙන් කියනවා අපේ ජනාධිපතිවරයගේ ඉඳන් පහලට කිසිවෙක් අත් උදව් දෙන්නෙ නෑ මේ මත්ද්‍රව්‍ය වැඩිකරන්න.
දැන් ඒ පොලිටිකල් බැරියර් එක නැවතිලා තියෙන්නෙ, ඒ නිසා වගකීම යන්නේ පොලීසියට, මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පොලිස් ස්ථානාධිපතිවරු තමයි මේ මගෙ ඉස්සරහා ඉන්නේ, හැබැයි තමුන්නාන්සෙලට පුලුවන්කමක් නැත්තම් මේ දේශපාලන බැරියර් එක නැති වෙලාවක මේ මත්ද්‍රව්‍ය භාවිතාව අඩු කරලා අපිට වාර්ථාවක් දෙන්න එහෙනම් ගැටලුව තියෙන්නේ රජයේ නෙවේ පොලිස් දෙපාර්තමේන්තුව අතේ.”
ප්‍රතිචාරයක් ලබාදෙන්න