රජයේ විගණකාධිපති ඩබ්ලිව් පී.සී වික්‍රමරත්න සදහන් කරන්නේ ජනවාරි මස පැවැත්වෙන පාර්ලිමේන්තුවට රටේ ආන්දෝලනයට තුඩු දුන් ඊ වීසා සහ ඊ පාස්පෝට් ගනුදෙනු සම්බන්ධ විගණන වාර්තා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඊ වීසා සහ ඊ පාස්පෝට් ගනුදෙනු සම්බන්ධ විමර්ශන බොහෝ දුරට අවසන්ව ඇති බවත් විමර්ශනවලින් අක්‍රමිකතා රැසක් අනාවරණය වී ඇති බවත් ජාතික විගණන කාර්යාලය සදහන් කර ඇත.
මෙම ගනුදෙනු සම්බන්ධයෙන් පසුගිය කාලයේදී රට තුළ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවු අතර එම ගනුදෙනු වලට අදාළ ආයතන වලින් වාර්තා කැඳවීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවද ජාතික විගණන කාර්යාලය සදහන් කරයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න