විසි ලක්ෂයේ සංචාරකයා දිවයිනට පැමිණේ.!

2024 වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා අද දින පෙ.ව 10.49ට බණ්ඩාරණායක අන්තර්ජාතික ගුවන්තොටුපලට පැමිණ තිබේ.

බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙන් මෙලෙස පැමිණි ලක්ෂ 20 සංචරකයා ලෙස මෙටරට පිළිගනු ලැබුවේ තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ප්‍රසාන්ත් නමැත්තෙකි. ඔහු මෙරට සංචාරය කරනු ලබන්නේ ඔහුගේ බිරියද සමගිනි.

විසිලක්ෂ වැනි සංචාරකයා පිළිගැනීමට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සමඟ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් ගුවන්තොටුපලට පැමිණ තිබිණි.

සංචාරකයා පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද බණ්ඩාරණායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ සිල්ක් රූට් පර්යන්තයේදී (Silk Route Lounge) ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සංවිධානය කර තිබිණි.

මෙය වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවන සිව්වැනි අවස්ථාව වන අතර මීට පෙර ලක්ෂ 20 ඉක්මවා තිබුණේ 2016‍, 2017, 2018 වසරවල දී පමණි.

2018 වසරින් පසුව වසරක් තුළ වැඩිම සංචාරකයින් පැමිණීම වාර්තා වන්නේ මේ වසරේදීය.

දෙසැම්බර් මාසයේ පළමු දින 26 තුළ සංචාරකයන් 195,127ක් පැමිණ ඇති අතර, දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රිය වන විට සංචාරකයන් 250,000 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ (අපේක්ෂිත සංඛ්‍යාව 256,389කි).

මීට පෙර එක් මසක් තුළ සංචාරකයන් 250000 ඉක්මවා තිබුණේ 2019 පෙබරවාරි මාසයේ පමණි. එම සංඛ්‍යාව 252,033කි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *