එළඹෙන අයවැයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ දහසක් ගෙන්වීමට සැලසුම්කර ඇති බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
හාරිස්පත්තුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ලංගම බස්රථ 7400ක් තිබිය යුතු වුවත් ඇත්තේ 5200ක් පමණක් බවත්, රියදුරන්ගේ හා කොස්දොස්තරවරුන්ගේ හිඟයක් ද පවතින බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
“අපි ලබන අය වැයෙන් බස්රථ 1000ක් ගේනවා. ඒ වැඩේ අගෝස්තු වගේ වෙන විට අවසන් වේවි. ඒ ගේන්නේ ලොරි චැසිවලට ගහපු ටකරන් බස් නෙමෙයි. මගීන් සුව පහසුව ගමන් කිරීමට සුදුසු බස්රථ.
ලංගම බස්රථ 7400ක් තියෙන්න ඕනෑ. තියෙන්නේ 5200යි. ඒවත් අබලන් වෙලා. බස්රථ 1000ක් එනවා කියන්නේ ලොකු වෙනසක්. දැනට අපේ රියැදුරු කොන්දොස්තරවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා. ඩිපෝ 107ක් තියෙනවා. ඌවේ විතරයි අතිරික්තයක් තියෙන්නේ.
අනිත් හැම පළාතෙම තියෙන ඩිපෝවල රියැදුරු, කොන්දොස්තර, කාර්මිකයන්ගේ අඩුවක් තියෙනවා. අපි ඒ අය බඳවා ගන්නවා. නැතිව මේක ගොඩ දාන්න බැහැ.
වංචා දූෂණ ගොඩක් තියෙනවා. අපි ඒවා නවත්වනවා. කොයිතරම් බස් දැම්මත් පාන්දරට රෑට බස් නැහැ. සෙනඟ ඉන්න වෙලාවට විතරයි බස් දුවන්නේ. අපි මේක වෙනස් කරනවා. ඒ වැඩේ නුවරින් පටන් ගන්නවා.
මුදල් දීලා ටිකට් ගන්න එකත් නතර කරනවා. ඒ වෙනුවට කාඩ් ක්‍රමයක් හඳුන්වා දෙනවා. මුදල් අතගාන විට තමයි වංචා සිදු වෙන්නේ.
එමෙන්ම ශ්‍රි ලංගම, පෞද්ගලික ඒකාබද්ධ සේවාවක් ඇති කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
දුම්රියෙන් ලැබෙන දායකත්වය 5%යි. පොදු ප්‍රවාහනය 75% දක්වා ඉහළ ගෙන්න ඕනෑ. එහෙම වුණාම වාහන තදබදය අඩු වෙනවා. අපි ගමනා ගමන කොමිෂමට කියලා තියෙනවා. තොරෙම්බල් කාරයෝ වගේ පෙනෙන බස්රථ අයින් කරනවා. ඒවාට නීති ගේනවා. ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහන තුළ මේවත් ක්‍රියත්මක කරනවා.”
ප්‍රතිචාරයක් ලබාදෙන්න