දුම්රිය සේවකයන්ගේ හිඟයක්… විශ්‍රාම යන සේවකයන් රඳවා ගන්න අවසර ඉල්ලයි…

දුම්රිය දෙපාර්තමේන්තුවේ විශ්‍රාම යන සේවකයන් තවත් වසර කිහිපයක් රඳවා තබා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුව අදාළ බලධාරීන්ගෙන් අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඊට හේතුවී ඇත්තේ බඳවා ගන්නා නව සේවකයන් අවශ්‍ය නිපුණතා මට්ටමට පුහුණු කිරීමට ආසන්න වශයෙන් වසර තුනක් ගත වන බැවිනි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රවාහන) එන්.ජේ.ඉඳිපොලගේ පවසා ඇත්තේ දෙපාර්තමේන්තුව මේ වන විට සේවකයන් 500කට අධික හිඟයකට මුහුණ පා සිටින බවයි.

එයට දුම්රිය එන්ජින් රියදුරන් 150කට ආසන්න සංඛ්‍යාවක්, දුම්රිය ආරක්ෂකයන් 120ක් පමණ, ආසන්න වශයෙන් දුම්රිය ස්ථානාධිපතිවරු 100ක් සහ යාන්ත්‍රිකයන් 100-150කට ආසන්න පිරිසක් ඇතුළත් වේ.

සේවක හිඟය, විශේෂයෙන්ම දුම්රිය එන්ජින් රියදුරන් සහ මුරකරුවන්ගේ හිඟය හේතුවෙන් උත්සව සමයේ ප්‍රමාණවත් අමතර දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට නොහැකි වූ බව පසුගියදා වාර්තා විය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *