පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත තව දෙසතියකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
එම කෙටුම්පත ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යොමුකළ බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පසුගිය 2023 වසරේ කැඳවූ නාමයෝජනා අවලංගු කර නැවත කැඳවීම සඳහා මෙම සංශෝධන මගින් ප්‍රතිපාදන සැලසේ.
නවක ඡන්ද දායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ලබාදීමේ ප්‍රධාන අරමුණින් මෙම සංශෝධන කර ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න