අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජනවාරි මස (03) වනදා පැමිණෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට දැනුම් දී ඇති බව වාර්තා වේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නීතිවිරෝධීව වත්කම් උපයාගෙන අමෙරිකාවෙන් ගෙයක් ගෙන තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 2022 වසරේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි.
මෙම ප්‍රකාශය සිදු කළේ කුමන දත්ත පදනම් කරගෙනද සහ තොරතුරු ලබාදුන්නේ කවරෙක්දැයි යන්න පිළිබඳවත් එම තොරතුරු තහවුරු කලේ කවුද? සහ ඒ සම්බන්ධයෙන් ඡායාරූප ඇතිදැයි යන්න මුල සිට අගට සියලු තොරතුරු සෙවීම සඳහා CIDය සුදානම් වන බවයි වාර්තා වන්නේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න