අමෙරිකාවට අයිඑස් ත්‍රස්ත ප්‍රහාරයක්.!

අමෙරිකාවේ නිව් ඔර්ලන්ස් ප්‍රදේශයේ දී ඊයේ උදෑසන අයිඑස් ත්‍රස්ත සාමාජිකයකු ට්‍රක් රථයක් ජනතාව යටකරගෙන ධාවනය කිරීමෙන් පුද්ගලයින් 15 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

නව වසර සැමරීම සඳහා එක්ව සිටි ජනතාව අතරින් මෙම ට්‍රක් රථය ධාවනය කරවා ඇති අතර, පොලිසිය විසින් මෙම ට්‍රක්රථයට වෙඩි තබා එහි රියැදුරු ඝාතනයට ලක්කර තිබේ.

එහිදී ට්‍රක් රථය පරීක්ෂා කිරීමේදී අයිඑස් ත්‍රස්ත කණ්ඩායමේ ධජයක් සොයාගෙන ඇති බවත් වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *