බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය මාලිමාවට.!

බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ.

ඒ අනුව, නගරාධිපතිවරයා ලෙස තේරි පත්ව ඇත්තේ, ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී රත්නායක මුදියන්සේලාගේ සාගර ධීර විශ්වවික්‍රම මහතාය.

ඔහු නගරාධිපතිවරයා ලෙස පත්වන්නේ, අද පැවැති ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද 04ක් ලබා ගනිමින්ය.

බණ්ඩාරවෙල මහ නරග සභාව සඳහා ජාතික ජනබලවේගයට මන්ත්‍රී ධුර 06 හිමිවූ අතර ස්වාධීන කණ්ඩායම් අංක එක සඳහා මන්ත්‍රී ධූර 05ක් හිමිවිය.

සමගි ජන බලවේගය සඳහා එම මහ නගර සභාවේ මන්ත්‍රී ධුර 03ක් හිමිව තිබුණි.

මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායම 02කට එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිවිය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *