මිහින්තලේට ගිය ජනපතිට ගෞරව නාමයක් පිළිගන්වයි.!

ජාතික පොසොන් උත්සවයට අනුරාධපු මිහින්තලේ රජමහා විහාරයට පැමිණ සිටි ජනාධිපතිවරයාට මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතතන හිමියන් ගෞරව නාමයක් පිරිනමා තිබේ.

ඒ අනුව මෙවර රාජ්‍ය පොසොන් උත්සයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් ජනාධිපතිවරයාට මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි යන ගෞරව නාමය මෙහිදී පිළිගැන්විය.

අනුබුදු දහමින් ලොවම නිවේවා යන තේමාව යටතේ මෙවර ජාතික පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

එය මෙවර පැවැත්වෙනුයේ 2,333 වැනි රාජ්‍ය පොසොන් උත්සවය ලෙසය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *