හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගෙන.. රටම දන්න මාධ්‍යවේදීන් පිරිසක් ගැන පරීක්‍ෂණ..

හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.

ප්‍රධාන පෙළේ විද්‍යුත් හා මුද‍්‍රිත මාධ්‍ය ආයතනයක ඉහළ මාධ්‍යවේදීන් පිරිසකට මෙහි ඉඩම් ලබා දී ඇති බවද පැවසේ.

ඒ සමගම අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිස පිරිසකටද මෙම ඉඩම් ලබා දී ඇති බවද සඳහන් වෙයි.

ඉතා ඉහල වටිනාකමකින් යුතු මෙම ඉඩම් බෙදා දී ඇත්තේ වෙලදපලේ මිලට වඩා ඉතා අඩු මුදලකට යයි පැමිණිලිකරුවන් කියා ඇත.

ඒ අනුව මේ පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් ඇති අතර නුදුරු දිනයේදී අදාළ තැනැත්තන් වෙතින් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත අතර රටම දන්නා මාධ්‍යවේදීන්ද සිටිනු ඇතැයිද වාර්තා වෙයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *