මේ වනවිට සෞදි අරාබි රාජ්‍යයේ නිල සංචාරයක නිරත වන කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සහ ටකාමෝල් හා මුසානද් යන ආයතනවල බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම සාකච්ඡාව සංවිධාන කර තිබුණේ සෞදියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනි.
ටකාමෝල්( Takamol) යනු සෞදි අරාබි රජයේ මානව සම්පත් සහ සමාජ සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින ආයතනයකි. එම ආයතනයේ කාර්‍යභාරය වන්නේ එරට සිටින සහ එරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමයි. එම ආයතනයේ දිගුවක් ලෙස මුසානද්(Musanad) නමැති ආයතන ව්‍යූහයක් පවතියි. එම ආයතනය සෞදි අරාබියට , ගෘහසේවය සඳහා පැමිණෙන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කටයුතු කරයි.
සාකච්ඡාවේදී කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පෙන්වා දුන්නෙ සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් වෙනුවෙන් සාධනීය සමාජ ආරක්ෂණ වැඩපිලිවෙළක අවශ්‍යතාවක් පවතින බවයි.
එමෙන්ම අදාළ ශ්‍රමිකයන්ට ඉහළ වැටුප් තල, උසස් ජීවන තත්වයක් මෙන්ම කම්කරු අයිතිවාසිකම් හිමිකර දීමේ හැකියාව පිළිබඳවද විමසා බැලීම ද සිදුවිය.


ප්‍රතිචාරයක් ලබාදෙන්න