දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලද පැමිණිල්ලක් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවෙන් ගයන්ත කරුණාතිලක ඉවත් වී ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

පසුගිය මැයි (20) වනදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී නීතිඥ දයාසිරි ජයසේකරගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කර තිබුණි.

ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක වෙනුවට නීතිඥ රවුෆ් හකීම් පත්කළ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *