අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළට

මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් ලබාදෙනු ලබන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබේ.

වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ශිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස පරිදි, ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව, පහත සඳහන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභොගිකයින්ට අද (30) දින සිට ලබාගත හැකි බව දැනුම් දී ඇත.

භාණ්ඩයපැවති මිල (රු)නව මිල(රු.) ඉතිරිය (රු.)
ලොකු ලූනු(ආනයනික)                            230.00220.00  10.00
පාන් පිට                                          175.00  165.00  10.00
සුදු සීනි                                                         240.00235.005.00
රතු පරිප්පු288.00  285.003.00
සුදු කැකුළු (ආනයනික)                                210.00209.001.00
Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *