නැති සමුපකාර නිලවරණ ගැන සදහන් කරමින් මාලිමාව ඒවා පරාජය වී ඇති බවට ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කිරීම අද වනවිට පරාජිත දුෂිත කණ්ඩායම්වල අලුත්ම සෙල්ලම බවට පත්ව ඇති බව වාර්තා වේ.
අගුණකොලපැලැස්ස, රාගම, රඹුක්කන, බිංගිරිය, අවිස්සාවේල ආදී සමුපකාර වල නම සදහන් කරමින් මෙම ව්‍යාජ පුවත් ඔවුන් නිර්මාණය කරමින් සිටී.
මෙම දුෂිත කණ්ඩායම් පසුගිය මැතිවරණ වලින් පරාජයට පත්වීමෙන් පසු ඔවුන්ගේ අලුත්ම අදෝනාව මේ ආකාරයට සමුපකාර නිලවරණ වලින් මාලිමාව පරාජය වු බවට ව්‍යාජ තොරතුරු පළකිරීමයි.
සමහර වෙබ් අඩවි සහ රූපවාහිනී නාලිකා පවා මේම සමුපකාර නිලවරණ පිලිබද ව්‍යාජ තොරතුරු පදනම් කරගනිමින් ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරන බවත් වාර්තා වේ.
උදාහරණයක් ලෙස අගුණකොළපැලැස්ස කියා විවිධ සේවා සමුපකාරයක් නොමැත. එම ප්‍රෙද්ශයට අයත්වන සමුපකාරය වන්නේ හුංගම විවිධ සේවා සමුපකාර සමිතියයි. එහි නිලවරණයෙන් මාලිමාවේ කණ්ඩායම 84%ක බලයක් සහිතව ජයග්‍රහණය කර තිබේ.
එසේම රාගම සමුපකාරය පිළිබද ව්‍යාජ පුවතද එවැනිම එකකි. තවද වත්තල විවිධ සේවා සමුපකාර සමිතියේ සහ දොම්පේ විවිධ සේවා සමුපකාරයේ බලයද මේවනවිට මාලිමාව හිමිකරගෙන තිබේ.
අවිස්සාවේල සමුපකාරය පිලිබද පුවතද එවැනිම එකකි.
මේ පිළිබඳව ජනතාව අදියෙන් සිටීම අතිශයෙන්ම වැදගත් ය. මෙබඳු ව්‍යාජ ප්‍රචාරයන් ඉතා සැලසුම් සහගත ලෙස සමාජ ගත කිරීමෙන් ජනතාව ගොනාට ඇන්ඳවීම දූෂිත කණ්ඩායම්වල මේ මොහොතේ අරමුණ බවට පත්ව තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න