ගුවන් හමුදාපති 29දා ධුරයෙන් විශ්‍රාම යයි.!

වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා එළැඹෙන 29වනදා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබේ.

සේවා දිගුවක සිටින උදේනි රාජපක්ෂ මහතා මෙරට 19වන ගුවන් හමුදාපතිවරයාය.

ඔහු එම ධුරයට 2023 වසරේ ජූනි 30වනදා තේරීපත් විය.

වත්මන් රජය 2024 වසරේ දෙසැම්බර් 31 දිනෙන් පසු සේවා දිගු ලබා නොදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත් අතර, ඒ හේතුවෙන් මෙලෙස වත්මන් ගුවන් හමුදාපතිවරයා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත.

ඒ අනුව නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත්කිරීමට නියමිතව තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *