ඩෑන් ප්‍රියසාද් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට.!

වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර සිටි ඩෑන් ප්‍රියසාද් ⁣මීට සුළු මොහොතකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇත.

ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය පරිශ්‍රයේදී මෙම වෙඩි ප්‍රහාරය සිදුව ඇති අතර එම වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කළේය.

රාත්‍රී 9:10ට පමණ යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලීසිය සිදුකරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *