‘සංගීතයි සංවාදයයි‘ ප්‍රසාංගික තවත් රාත්‍රීයක් මහරගම මහජන පොළ පරිශ්‍රයේ දී පැවැත්වෙයි.!

‘සංගීතයි සංවාදයයි‘ ප්‍රසාංගික තවත් රාත්‍රීයක් මහරගම මහජන පොළ පරිශ්‍රයේ පසුගිය දා (19) පැවැත්විණි.

No names collective සංවිධානය විසින් සංවිධානය කළ මෙම වැඩ සටහනට රංගනයෙන් ප්‍රියන්ත සිරිකුමාර ද ගායනයෙන් රොඩ්නි වර්ණකුල සහ සංජීව සෙනෙවිරත්ත ද සංගීතයෙන් no names collective සංගීත කණ්ඩායම ද මෙම ප්‍රසංගය වර්ණවත් කිරීමට එක් විය.

නොමිලේ පැවති මෙම ප්‍රසාංගික වැඩසටහන නරඹිමට ජනප්‍රිය කලාකරුවන් රැසක් සහ මාධ්‍යවේදීන් ඇතුළු රසකාමීන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටියහ.

සමාජ සංස්කෘතික දේශපාන මාතෘකා ඔස්සේ කලා අංග ඉදිරිපත් වුණු අතර ඒ පිළිබඳව අදහස් දැක්වූ ජනතාව ඉතාමත් ප්‍රමෝදයට පත් වු බව සංවාදයේ දී සඳහන් කළහ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *