හෙට (30) දිනයේදී පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන “කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්” යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීමේ සමාරම්භය පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අනුව වෙළෙඳපලේ රු. 9,000ක් වැනි මිලක පවතින කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 4,000ක සහන මිලකට ලබාදීමේ කටයුතු සිදුකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සදහන් කරයි.
පොහොර සහන මිලට ලබාදීම සහ බෙදාහැරිම සඳහා අවශ්‍ය කටයුතු පොල් වගා කිරිමේ මණ්ඩලය සහ රාජ්‍ය පොහොර සමාගම් විසින් සිදු කරමින් පවතින බව සදහන් කරයි.
රාජ්‍ය පොහොර සමාගම විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු MOP පොහොර මෙට්‍රික් ටොන් 27,500ක් හා එප්පාවල රොක් පොස්පේට් යූරියා මිශ්‍ර කර පොල් වගාව සඳහා විශේෂිත AMP පොල් පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් සකස් කිරිමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතී.
ප්‍රතිචාරයක් ලබාදෙන්න