එජාප කොළඹ නගරාධිපති අපේක්ෂක කිත්සිරි රාජපක්ෂට දෙමටගොඩ පොලීසියෙන් කැඳවීමක්.!

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ හිටපු නාගරික මන්ත්‍රී, මැද කොළඹ සංවිධායක කිත්සිරි රාජපක්ෂට දෙමටගොඩ පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස කැඳවීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ, පුද්ගලයකුට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව ය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති ධුරය සඳහා එජාපයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව සිටින්නේ ද කිත්සිරි රාජපක්ෂ බව පැවසේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *