ග්‍රාමීය රෝහල්වලට ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
දැනට විශේෂඥ වෛද්‍ය සේවා ක්‍රියාත්මක වන්නේ මූලික රෝහල් හෝ ඊට ඉහළ ශ්‍රේණිවල රෝහල්වල පමණක් බවයි නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය හංසක විජයමුණි සඳහන් කළේ.
මේ හේතුවෙන් ගම්බද ප්‍රදේශවල ජනතාවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව නොමිලේ ලබා ගැනීම දුෂ්කර වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
නියමු ව්‍යාපෘතියක් ලෙස ලබන මාසයේදී මහනුවර දිස්ත්‍රික්කයේ රෝහල් 06ක මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න