පොලිස්පති පුටුවට නියෝජ්‍ය පොලිස්පතිවරු 7ක් පෝලිමේ.!

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ බන්ධනාගාර ගතකර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් පහකිරීමේ යෝජනාව ඉදිරිපත් වීමත් සමඟම පොලිස්පති ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනකු අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇති බවයි.

ඒ අනුව පොලිස්පති ධූරය සඳහා යෝජනා වී ඇති නම් අතර වත්මන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක (පරිපාලන), සංජීව මැදවත්ත, රන්මල් කොඩි තුවක්කු, සංජීව ධර්මරත්න, කිත්සිරි ජයලත් සහ එල්ජී ආර් එස් දමින්ද යන නිලධාරීන් සිටිනා බව දැනගන්නට ඇත.

ශ්‍රී ලංකාවේ 37 වැනි පොලිස්පතිවරයාය මීලඟට පත්වීමට නියමිත අතර දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි යෝජනාව සම්මත වුවහොත් ජනාධිපතිවරයා විසින් ඔහු ධූරයෙන් ඉවත් කෙරෙනු ඇති අතර මීළඟට පත් කෙරෙන පොලිස්පතිවරයා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කෙරෙනු ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *