ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල මෙන්න.!

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

රුපියල් 74ත් රුපියල් 160ත් අතර මුදලක් මෙලෙස ප්‍රකාශයට පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

ඡන්දය පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 336 සඳහා වෙන්වෙන් වශයෙන් එම මුදල ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය.

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාළව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි අඩුම මුදල වන රුපියල් 74 මන්නාරම පළාත් පාලන ආයතනය සඳහා වන අතර වැඩිම මුදල වන රුපියල් 160 ප්‍රකාශයට පත් කර ඇත්තේ ලාහුගල පළාත් පාලන ආයතනය සඳහා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *