මීගමුවෙන් පනින්න යද්දී දෙවුන්දර ඝාතන සිද්ධියේ තවත් 4ක් මාට්ටු.!

දෙවුන්දර ශ්‍රි විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා රාත්‍රියේ තරුණයන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකුගෙන් පොලීසිය විසින් මේ වනවිට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින අතර ඔවුන් ගෙන්ද සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබේ.

ඒ අනුව අදාළ ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් හතර දෙනකු අද (27) මීගමුව ප්‍රදේශයෙන් පලා යාමට උත්සාහ කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

කෙසේවෙතත් වෙඩිතැබීමට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා මේ වනවිට පොලීසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනා අද (27) අත්අඩංගුවට ගත් සිව් දෙනා අතර සිටීද යන්න මෙතෙක් වාර්තා වී නොමැත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *