දළදා ප්‍රදර්ශනය, ආගමික සහජීවනය සහතික කිරීමක් – කාදිනල් හිමි.!

බුදුන් වහන්සේගේ පූජනීය දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම ශ්‍රී ලංකාවේ ආගමික සහජීවනය සහතික කිරීමක් වන අතර, එය අතරම ජාතික උරුමයේ කොඳු නාරටිය වන බුද්ධාගම ආරක්ෂා කිරීමට උපකාරී වන බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පවසති.

“පූජනීය දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයක් ආරම්භ කිරීමට රජය සහ පූජ්‍ය මහානායක හිමිවරුන් ගත් තීරණය සාදරයෙන් පිළිගත හැකි පියවරකි. එම කටයුත්තේ සාර්ථකත්වය වෙනුවෙන් සැමදෙනාම කැපවිය යුතුය. මෙම උත්සවය ආගමික සහජීවනය ගෙන දෙන විශේෂ උත්සවයක් ලෙස සළකන ලෙස මම කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටිමි,” යැයි කාදිනල්තුමෝ තවදුරටත් සඳහන් කරති.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *