ජනපති අනුර වියට්නාමයට.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේදි වියට්නාමයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.

වියට්නාම ජනාධිපතිවරයා කළ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම නිල සංචාරයේ නිරත වීමට නියමිත අතර මෙරට නිල සංචාරයක් සඳහා පැමිණි වියට්නාම නියෝජ්‍ය කථානායකවරයා මෙරට කථානායක ජගත් වික්‍රමරත්න මහතා හමු වූ අවස්ථාවේදී නිල සංචාර ස්ථිර බව තහවුරු කර ඇත.

කථානායකවරුන් දෙපළ අතර හමුවීම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුවු අතර 1970 වසරේදී පිහිටුවන ලද ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එකිනෙකාගේ කැපවීම මෙම හමුවේදී අවධාරණය කළේය.

කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි දූත පිරිසට වියට්නාම ජාතික සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ නිලධාරීහු ඇතුළත් වූහ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *