හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය එ.ජා. සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධුරයට.!

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා නම් කර ඇත.

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව මගින් පසුගියදා රජය විසින් එවා තිබූ එම නම් කිරීම අනුමත කර තිබේ.

මේ අතර, කියුබා ජනරජයේ නව ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස ආර්.එම්. මහින්ද දාස රත්නායක මහතා පත්කිරීමටත්, ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පත් කිරීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *